%brandDTD;
]
>
උදව් කවුළුව (Help Window) භාවිතය
උදව් කවුළුව (Help Window) භාවිතය
මෙම කොටසින් උදව් කවුළුව (Help Window) භාවිතා කරන ආකාරය විස්තර කරයි (මෙම අකුරු දිස්වන කොටස හා වම්පස ඇති පැති තීරුව ද ඇතුලත් සම්පූර්ණ කවුළුව උදව් කවුළුව (Help Window) ලෙස හඳුන්වයි).
ඔබට අවශ්‍ය මාතෘකාව සොයා ගැනීම
උදව් කවුළුව (Help Window) දිස්වන විටදී වම්පස රාමුවෙහි ඇති ටැබ් (Tabs) මත ක්ලික් කරීමෙන් උදව් (Help) යටතේ ඇති අන්තර්ගතය වෙනස් ආකාරයන්ගෙන් ලබා ගත හැකිය:
- අන්තර්ගතය - ප්‍රධාන මාතෘකාවන්ගේ ලැයිස්තුව පෙන්වයි.
එම මාතෘකාව යටතේ කියවීම සඳහා ක්ලික් කරන්න. ඒ යටතේ ඇති උප මාතෘකා ලබා ගැනීමට දෙ-ක්ලික් (Double-click) කරන්න.
- සෙවුම් (Search) - උදව් ගොනු (Help files) සෙවීම සඳහා ඉඩ ලබා දේ.
අදාල වචනය හෝ වචන කාණ්ඩය ඇතුලත් කර අදාල මාතෘකා සොයාගන්න. පසුව කියවීමට අවශ්‍ය මාතෘකා මත ක්ලික් කරන්න. ඔබගේ සෙවීම කිසිඳු මාතෘකාවක් ලබා නොදුන්නේ නම්, අඩු වචන සංඛ්‍යාවක් හෝ සමාන වෙනත් වචන සමඟින් නැවත උත්සාහ කරන්න.
- Index - මාතෘකාවන් අක්ෂර වින්‍යාසය (A-Z) අනුව ලැයිස්තුගත කරයි.
අවශ්‍ය මාතෘකා මත ක්ලික් කිරීමෙන් එය කියවිය හැකිය.
- Glossary - අර්ථ දැක්වීම් (definitions) අක්ෂර වින්‍යාසය (A-Z) අනුව ලැයිස්තුගත කරයි.
අදාල අර්ථ දැක්වීම් මත ක්ලික් කිරීමෙන් එය කියවිය හැකිය.
ඔබ කියවමින් සිටින මාතෘකාවට අදාල තොරතුරු ලබා ගැනීමට එම ඈඳුම් (links) මත ක්ලික් කරන්න, මෙය සාමාන්‍ය වෙබ් පිටුවක ඇති තොරතුරු ලබා ගැනීමකට සමාන වේ. එසේම ඔබට ඉදිරිපසට හා පසුපසට ඇති ඊතල මත ක්ලික් කර පිටු අතර ඉදිරිපසට හා පසුපසට ගමන් කළ හැකිය.
සෙවුම් උපදෙස් (Search Tips)
ඔබට අවශ්‍ය මාතෘකාව සොයා ගත නොහැකි විනි නම්, මේ උපකාර විය හැකි උපදෙස් කිහිපයකි:
- ඔබ සෙවිම් කරන්නේ &brandShortName; ට අදාල දෙයක් පිළිබඳව බව තහවුරු කරගන්න; මෙය සාමාන්‍ය අන්තර්ජාල සෙවීමක් නොවේ.
- ඔබගේ සෙවීම තවදුරටත් පුළුල් කරන්න - වඩාත්ම විශේෂිත (too specific) නොවන්න; ඔබ සෙවූ ආකාරයට වඩා වෙනස් ලෙස වචන පෙළ ගැසී තිබීමට පුළුවන.
- ඉතා පුළුල් වූ සෙවීම් නෙකරන්න. උදාහරණයක් ලෙස, "page" වැනි පොදු වචනයක් සඳහා සමහර විට ඔබ බලාපොරොත්තු නොවන තරම් විශාල මාතෘකා ප්‍රමාණයක් ලැබිය හැකිය.
24 May 2005
Copyright © 2003-2005 Contributors to the Mozilla Help Viewer Project.